AFC Banner
Empty Ad
Empty Ad

ලන්දේසින්ට පාට් දැමූ චීන ගුවන් යානා

චීන ගුවන් හමුදා ජෙට් යානා නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ දී නෙදර්ලන්ත නාවික යාත්‍රාවක් වටා කැරකෙමින් සහ හෙලිකොප්ටරයක් වෙත ළඟා වෙමින් අනාරක්ෂිත තත්ත්වයක් ඇති කළ බව නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කළේ උතුරු කොරියාවට එරෙහි ව එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට සහාය දැක්වීම සඳහා HNLMS ට්‍රොම්ප් නෞකාව සිකුරාදා මුර සංචාරයේ යෙදී සිටියදී චීන ප්‍රහාරක ජෙට් යානා දෙකකින් අවස්ථා කිහිපයක දී නෞකාව වට කළ බවයි.

පසුව නෞකාවේ NH90 හෙලිකොප්ටරය ආසන්නයට චීන ප්‍රහාරක ජෙට් යානා දෙකක් සහ හෙලිකොප්ටරයක් පැමිණ තිබෙනවා.

සිද්ධිය ජාත්‍යන්තර ගුවන් සීමාවේ දී සිදු වී ඇතැයි නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ජපානය බලා යාත්‍රා කරමින් සිටින ට්‍රොම්ප් ඉන් අනතුරුව “රිම් ඔෆ් ද පැසිෆික්” නාවික අභ්‍යාස සඳහා හවායි වෙත ගමන් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
15
+1
4
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?