ලක්ෂ 890ක මූල්‍ය වංචාව ඩිලාන් යටවර නමැත්තාගේ වැඩක් – ආචාර්ය තියංගි ජයතිලකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

මෙරට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක් යැයි පවසන තැනැත්තියක් ඇතුළු තවත් තිදෙනෙකු විසින් නවසීලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා, විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා කරමින්, අසාධාරණයට ලක් වූ පිරිසක් ඊයේ (16) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම චෝදනාවට ලක් වූ ආචාර්යවරිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඇය දසත ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කර සිටියේ; මෙම මූල්‍ය වංචාව ඩුබායි රාජ්‍යයේ මේ වනවිට (අප්‍රේල් 17) ජීවත් වන ඩිලාන් යටවර නමැත්තෙකු විසින් වංචනික ලෙස මෙහෙයවන බවයි.

සමාජයේ යම්කිසි විෂයය ක්ෂේත්‍රයක ගෞරවාදරයට සහ ප්‍රසිද්ධත්වයට පත් වූ චරිතයක් තෝරා ගනිමින් ඩිලාන් යටවර නමැත්තා විසින් මෙම වංචාව සිදු කර ඇති බවයි ආචාර්ය තියංගි ජයතිලක මහත්මිය පවසන්නේ.

ඩිලාන් යටවර නමින් පෙනී සිටින මෙම තැනැත්තාව ඔහුගේ පර්‍යේෂණයක් තමන් විසින් සිදු කරනු ලැබීම හේතුවෙන් දැන හැඳුනුම්කමක් තිබූ බවත්, එහෙත් අදාළ ව්‍යාපෘතිය ගැන තමන් දැනුම්වත් ව සිටිය ද මෙය වංචාවක් බවට නොදැන සිටි බව ද තියංගි ජයතිලක මහත්මිය පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් මුදල් එකතු කර ලබාදීමේ දී තමන් අතරමැදියෙක් ලෙස කටයුතු කළ ද ඊට ඉහත ස්ථරය සම්බන්ධයෙන් දැනුම්වත් ව නොසිටි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩිලාන් යටවර නමැත්තා විසින් සිය අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මෙම මූල්‍ය වංචාවට යොදාගෙන ඇති බවට ආචාර්‍යයවරිය චෝදනා කරනවා.

මෙතුළින් මිනිසුන් සමග තමන් ගොඩනගාගෙන සිටි ප්‍රතිරූපයට මෙන් ම ගෞරවයට දැඩි හානි එල්ල වීම හේතුවෙන් අදාළ සැකකරුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද පැමිණිලි දෙකක් ගොනු කර ඇති බවයි ජයතිලක මහත්මිය සඳහන් කළේ.

මෙම මූල්‍ය වංචාව චේතනාන්විත ව ඩිලාන් යටවර නමැත්තා විසින් සිදු කර ඇත්තේ අලෙවිකරණය කිරීමට තම තනතුරු – නාම භාවිත කරමින් බවත් මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියක අදාළ පුද්ගලයා යෙදී ඇති බවත් ඉන් තමන්ගේ පෞද්ගලික හා වෘත්තීයභාවයට අගතියක් හා අපහාසයක් සිදු වී ඇති බවත් මූල්‍ය වංචාවට හසු වූ ජනතාවගේ මුදල් යළි ලබා ගැනීමට තමන් නීතිය පාර්ශ්වයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බව ද ආචාර්‍ය තියංගි ජයතිලක මහත්මිය කියා සිටියා.

ආචාර්ය තියංගි ජයතිලක, ගයා සංජීව කරුණාතිලක සහ ශිරානි ප්‍රියදර්ශනී ජයසිංහ යන අය මෙලෙස නවසීලන්තයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා 80 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන විදේශගත නොකර ඔවුන් මග හරිමින් සිටින බව‍ටයි ඊයේ දින ජාවාරමට හසු වූ පිරිස් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මේ වන විට රුපියල් ලක්ෂ 890ක පමණ මුදලක් මොවුන් වංචා කර ඇති බව විදෙස්ගත වීමට නොහැකි වූ පිරිස් චෝදනා කර සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම පිරිස් නීතියට හසුකරගෙන තම මුදල් නැවත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?