ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට්ටුවට

මේ මස අවසන් වන විට පෙර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවලක් ලබාදීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් සමග අද පැවති සාකච්ඡාවේදී එම කමිටුව මේ වන විට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයන්, දේශීය සහ විදේශීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මහජන උපයෝගීතා කොමිසම සමග එළඹෙන සතියේ සාකච්ඡා කිරීමට නියමිත බහු අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?