ලංකා T10 සුපර් ලීගයේ සමාරම්භක තරගයේ ජය යාපනයට

ලංකා T10 සුපර් ලීගයේ සමාරම්භක තරගයෙන් ම පළමු ජය වාර්තා කරන්නට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර (11) සමත් වුණා.

පල්ලෙකැලේ දී අද පැවති තරගයේ දී ජැෆ්නාවරුන් හමුවේ පරාජයට පත් වූයේ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමයි.

ජැෆ්නාවරුන් තරගය කඩුලු 08කින් ජයගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Tom Kohler-Cadmore නොදැවී ලකුණු 57ක් ලබා ගැනීම කැපී පෙනුණා.

Tom Abell නොදැවී ලකුණු 33ක් ලබාගත්තේ පන්දු 19කදියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නාවරුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 10 තුළ දී බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 08ක් දැවී ලකුණු 106ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 17ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

Mohammad Shahzad ලකුණු 22යි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් Dwaine Pretorius, මොහොමඩ් අමීර් සහ ප්‍රමෝද් මධුෂාන්ට හිමිවුණා.

ඒ අනුව ජැෆ්නාවරුන් පන්දුවාර 10ක් තුළ ජයග්‍රහණයට ලකුණු 107ක් ලබා ගැනීම අභියෝගය වූ අතර ඔවුන් 08කුත් එක් පන්දුවක් අවසානයේ දී සිය ජය තහවුරු කරගත්තා.

හම්බන්තොට කණ්ඩායම වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී තරිඳු රත්නායක සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09