AFC Banner
AFC Banner
Empty Ad

ලංකාවට චීනයෙන් සහල් දෙයි

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළා.

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට මේ වසරට වසර හැත්තෑවක් සම්පූර්ණ බැවින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම ඉල්ලීම චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?