රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායම සමඟ එක්වෙයි

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අතරතුරදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස් ඊයේ රාත්‍රියේ කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණ තිබෙනවා.

ඒ, ඔහුට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුවයි.

බංග්ලාදේශයෙන් වාර්තා වන අන්දමට අද උදෑසන තරගයට පෙර කුසල් මෙන්ඩිස්ට පන්දු රැකීමට හැකි ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

පිටිය මැද දී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ දිනයේ දී ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළා.

එම අවස්ථාවේ කුසල් පපුවේ යම් වේදනාවකින් පෙලෙන ආකාරය දක්නට ලැබුණා.

මේ අතර තරගයේ දෙවන දිනය වන අද දිනයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 05ක් දැවී ලකුණු 277ක් රැස්කරැගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27