Empty Ad
AFC Banner
Empty Ad

රේගුව මුලා කරමින් වාහනයක් ගෙන්වීමේ තැත දැරූ ව්‍යාපාරිකයෙකුට ඇප – විදෙස් ගමනුත් තහනම්

රේගුව මුලාකරමින් වංචා සහගතව මෙරටට ආනයනය කරන ලද ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සඳහා ලියාපදිංචි පැවරුමක් ලබා ගැනීමට හම්බන්තොට මෝටර් රට දෙපාර්තමේන්තු කාර්යාලයේ කොමසාරිස්වරයෙකුට අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර ව්‍යාපාරිකයෙකු රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (13) නියෝග කළා.

සැකකාර පුද්ගලයාට රුපියල් 25,000ක මුදල් ඇපයක් ද නියම කෙරුණු අතර ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කිරීමට නියම කෙරුණා.

කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන මොහාන් ධම්මික ලියනගේ නමැති පුද්ගලයකු එසේ ඇප මත මුදා හැරීමට නියම වූ බවයි වාර්තා වූයේ.

සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර පුද්ගලයා වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් එම කොටස් තුළ සඟවා සුඛෝපභෝගී මෝටර් රථ ගෙන්වා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

එසේ ජපානයෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සඳහා ලොරි රථයක අංකයක් ඇතුළත් ලියාපදිංචි කරගෙන ඇති බව ද ඉහත සඳහන් කොමසාරිස්වරයා මගින් එම දෙපාර්තමේන්තු කාර්යාලයේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් සැකකාර පුද්ගලයා මෙම වංචාව කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූවා.

මෙම සැකකාර පුද්ගලයාගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී මියගොස් ඇති බවත් එසේ මියගිය පියාගේ නමට එම සුඛෝපභෝගී මෝටර් රථය ඉහත සඳහන් කළ කොමසාරිස්වරයා හරහා ලියාපදිංචි කරගෙන පසුව එය ඔහුගේ නමට ලියාපදිංචි කරගෙන එම වංචාවක් කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

කූඨ ලේඛන සකස් කර ඉදිරිපත් කිරීම, රේගුව මුලාකරමින් මෝටර් රථ ආනයනය කිරීම, හා එසේ ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් වෙනුවෙන් ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමට තැත් කිරීම, ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් චෝදනා ගොනුකර තිබුණා.

එම සුඛෝපභෝගී මෝටර් රථය ලියාපදිංචි කිරීම සඳහා හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ බව කියන එම දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වන සජිත් වසන්ත වෙල්ගම නමැති අයෙකු අල්ලස් කොමිසම මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමටයි නියම කෙරුණේ.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?