රූට්ගෙන් පළමු තැන උදුරාගත් බෘක් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවා වෙයි

ICC ටෙස්ට් පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තයේ මුල් පෙළ පිතිකරුවෙකු වන හැරී බෘක්; සිය ජ්‍යේෂ්ඨතමයා වන ජෝ රූට් පසුකර යාමට සමත් ව තිබෙනවා.

කාලයක සිට රූට් ලෝක ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි මුදුනා වෙමින් සිය අණසක පතුරගෙන සිටි බව ප්‍රසිද්ධ රහසක්.

බෘක් ජාත්‍යන්තර ටෙස්ට් තරග 23ක දී ශතක 08ක් අර්ධ ශතක 10ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පසුගියදා නිමාවට පත් වූ නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ද එංගලන්තය ජය තමන් සතු කරගැනීමත්, බෘක් පළමු ඉනිමේ දී ලකුණු 123ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 55ක් ලබා ගැනීම ද මෙම ජයග්‍රහණයට හේතු වුණා.

බෘක් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ද විශිෂ්ට ශතකයක් ලබාගත්තේ එය ලකුණු 171ක් බවට පත් කරගනිමින්.

මේ වනවිට බෘක් ව පසුකර ගොස් තම ස්ථානය තමන් සතු කරගැනීමට රූට් හට තවත් එක් අවස්ථාවක් නවසීලන්තයට එරෙහිව පවතිනවා.

එය රූට්ට සේම බෘක් හට ද වැදගත් වනු ඇති.

ඒ අනුව නවතම ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි බෘක් ප්‍රසාද ලකුණු 898ක් ලබාගෙන ඇති අතර රූට් ලබාගෙන ඇත්තේ ලකුණු 897ක් පමණි.

මේ අතර මෙම ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබෙන්නේ සිය ස්ථානය 06 බවට පත් කරගනිමින්.

ට්‍රවිස් හෙඩ් ද ස්ථාන 06කින් ඉදිරියට එමින් සිය නවතම ස්ථානය 05 දක්වා පත් කරගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ටෙම්බා බවුමා ශ්‍රී ලංකාවට එරෙහිව දැක්වූ පිතිකරණ කුසලතාව හේතුවෙන් ස්ථාන 03කින් ඉදිරියට පැමිණෙමින් 07 වැනි තැන දක්වා පැමිණ තිබෙන අයුරු දැකිය හැකියි.

මෙම නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් (පිතිකරණයේ) ඊයේ (10) දින සිදු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54