spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් ලක්ෂ 51 ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් හිටිහැටියේ නැතිවෙයි

රුපියල් ලක්ෂ 51 ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව උඩප්පුව පොලීසිය පවසනවා.

උඩප්පුව – ආඩිමුනේ පදිංචි ආඩියම් පෙරුමාල් ලලිතා යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර තිබේ.

ඉකුත් 31 වෙනිදා රාත්‍රී කාලයේ උඩප්පුව විශ්ණු දේවාලයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැත්වෙන් පූජාවකට සහභාගි වීම සදහා ගිය බවත්,රාත්‍රී 11.45 ට පමණ ආපසු නිවසට පැමිණ දේවලයට යන විට පැළද ගිය රන් ආභරණ ගලවා නිවසේ තබා නින්දට ගිය බවද පැමිණිළිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත. පසුදින අළුයම 5.30 ට පමණ අවදිවී බලන විට එම රන් ආභරණ කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබූ බවද පැමිණිළිකාරිය පවසා ඇත.මෙසේ සොරකම් කර ඇත්තේ තමන්ට අයත් රුපියල් ලක්ෂ 51 ක් පමණ වටිනා පවුල් 30 ක් පමණ බරැති රන් ආභරණ බවද ඇය පොලීසිය හමුවේ පවසා ඇත.

මෙම සොරකම කව්රුන් විසින් සිදු කරන්නට ඇද්ද යන්න මෙතෙක් අනාවරණවී නොමැති බව පොලීසිය කියයි.

උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?