AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් කෝටි 06 ඉක්ම වූ කේරළ ගංජා උතුරෙන් සොයා ගැනේ

මුලතිව් සහ යාපනය මුහුදු තීරයන්ගෙන් රුපියල් කෝටි 06කට ආසන්න කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය හමුව ඇත්තේ යාපනය – එළුවතිව් මුහුදු තීරයේ දී සහ මුලතිව් මුදුමාතලන් මුහුදු තීරයන් හි දී බවයි.

නාවික හමුදාව, යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වල දීයි මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණේ.

මෙහිදී කේරළ ගංජා කිලෝ 159ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම යාපනය එළුවතිව් මුහුදු තීරයේ දී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන
ලද සෝදිසි මෙහෙයුමක දී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී තවත් උර තුනක පාර්සල් 56ක් සොයා ගැනුණා.

එහි කේරළ ගංජා කිලෝ 137ක ප්‍රමාණයක් තිබුණු බවත් වාර්තා වනවා.

මේ අතර ඊයේ (07) දින මුලතිව් පුදුමාතලන් මුහුදු තීරයේදී සැක කටයුතු පොහොර උරයක් දැක යුදහමුදා
බුද්ධි අංශ නිලධාරීන් විසින් ඒ පිළිබඳ ව මුලතිව් පොලීසියට දැනුම් දී තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අදාළ උරය පරික්ෂා කිරීමේ දී එහි තිබී කේරළ ගංජා කිලෝ 22 ක් තිබී සොයා ගනු ලැබූ අතර ම එම කේරළ ගංජා රැගෙන ආ අය පලා තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එන්නට ඇතැයි සැක පළ කරනවා.

2 1 1
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?