රියදුරු බලපත්‍රය වෙනස් වෙයි – චිප් එකත් ඉවතට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු භාරගෙන සිටින ශ්‍රී ලංකා යුද හමුදාව, රියදුරු බලපත්‍රය වෙත නව අංග එක් කිරීමට සූදානම් වනවා.

ඒ පිළිබඳ මේනව විටත් කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේවන විට භාවිතවන “චිපයක්” සහිත රියැදුරු බලපත‍්‍රය වෙනුවට කේතයක් සහිත රියැදුරු බලපත‍්‍රයක් හඳුන්වා දීමටයි සැළසුම් කොට ඇත්තේ.

මෙහි අරමුණ වී ඇත්තේ රියැදුරු බලපත‍්‍ර ආශ‍්‍රිතව සිදුකරනු ලබන බොහෝ අක‍්‍රමිකතා වළක්වා ගැනීම යි.

ඊට අමතරව නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලට සිය රාජකාරි කටයුතුවල දී පහසුවක් සැපයීම ද මෙම කේත ක‍්‍රමය හඳුන්වා දීමේ තවත් අරමුණ වී ඇති බව සඳහන්.

මේ වන විට රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමට භාවිත කරන මෘදුකාංගය දකුණු අප‍්‍රිකානු සමාගමක් මගින් නිර්මාණය කළ මෘදුකාංගයක්වන අතර ඊට වාර්ෂිකව අති විශාල මුදලක් වැය කිරීමට ද සිදුවනවා.

එම වියදම සළකා බලා ඉදිරියේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින්ම මේ සඳහා උචිත මෘදුකාංගයක් නිර්මාණය කිරීමට ද නියමිත වී තිබෙනවා.

ඒ වෙනුවෙන්ම “යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය” (Army Information Technology Solutions Center – AITSC) පිහිටුවා තිබෙනවා.

මෙම ආයතනය විසින් මේවන විටත් රියදුරු බලපත‍්‍ර ලබාදීමට අදාළ වාර්තා මිලියන 90ක් නඩත්තු කරනු ලබනවා.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දීම හේතුවෙන් පසුගිය මාස 4ක කාලය තුළ කෝටි 21ක මුදලක් රජයට ඉතිරි වී ඇති බවයි යුද හමුදාව අනාවරණය කරන්නේ.

එමෙන්ම 2021 ජනවාරි මස 01 වැනිදා සිට පසුගිය අපේ‍්‍රල් 15 වැනිදා දක්වා යුද හමුදාව විසින් රියදුරු බලපත‍්‍ර දෙලක්ෂ දහනව දහස් අසූ දෙකක් මුද්‍රණය කර ඇති බව වාර්තා වෙනවා. 

ඒ අනුව ගතවූ කාලයේ පමණක් රුපියල් විසිඑක් කෝටි අනූලක්ෂ අසූදෙදහසකට ආසන්න මුදලක් රජයට ඉතිරි වී තිබෙනවා.

2020 ජුලි මස 01 වැනිදා ගන්නා ලද කැබිනට් තීරණයට අනුව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශ‍්‍රී ලංකා රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක‍්‍රියාවලිය 2021 ජනවාරි මස 1 වැනිදා සිට ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත පවරා දෙනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?