රියදුරු බලපත්‍රය වෙනස් වෙයි – චිප් එකත් ඉවතට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු භාරගෙන සිටින ශ්‍රී ලංකා යුද හමුදාව, රියදුරු බලපත්‍රය වෙත නව අංග එක් කිරීමට සූදානම් වනවා.

ඒ පිළිබඳ මේනව විටත් කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේවන විට භාවිතවන “චිපයක්” සහිත රියැදුරු බලපත‍්‍රය වෙනුවට කේතයක් සහිත රියැදුරු බලපත‍්‍රයක් හඳුන්වා දීමටයි සැළසුම් කොට ඇත්තේ.

මෙහි අරමුණ වී ඇත්තේ රියැදුරු බලපත‍්‍ර ආශ‍්‍රිතව සිදුකරනු ලබන බොහෝ අක‍්‍රමිකතා වළක්වා ගැනීම යි.

ඊට අමතරව නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලට සිය රාජකාරි කටයුතුවල දී පහසුවක් සැපයීම ද මෙම කේත ක‍්‍රමය හඳුන්වා දීමේ තවත් අරමුණ වී ඇති බව සඳහන්.

මේ වන විට රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමට භාවිත කරන මෘදුකාංගය දකුණු අප‍්‍රිකානු සමාගමක් මගින් නිර්මාණය කළ මෘදුකාංගයක්වන අතර ඊට වාර්ෂිකව අති විශාල මුදලක් වැය කිරීමට ද සිදුවනවා.

එම වියදම සළකා බලා ඉදිරියේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින්ම මේ සඳහා උචිත මෘදුකාංගයක් නිර්මාණය කිරීමට ද නියමිත වී තිබෙනවා.

ඒ වෙනුවෙන්ම “යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය” (Army Information Technology Solutions Center – AITSC) පිහිටුවා තිබෙනවා.

මෙම ආයතනය විසින් මේවන විටත් රියදුරු බලපත‍්‍ර ලබාදීමට අදාළ වාර්තා මිලියන 90ක් නඩත්තු කරනු ලබනවා.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දීම හේතුවෙන් පසුගිය මාස 4ක කාලය තුළ කෝටි 21ක මුදලක් රජයට ඉතිරි වී ඇති බවයි යුද හමුදාව අනාවරණය කරන්නේ.

එමෙන්ම 2021 ජනවාරි මස 01 වැනිදා සිට පසුගිය අපේ‍්‍රල් 15 වැනිදා දක්වා යුද හමුදාව විසින් රියදුරු බලපත‍්‍ර දෙලක්ෂ දහනව දහස් අසූ දෙකක් මුද්‍රණය කර ඇති බව වාර්තා වෙනවා. 

ඒ අනුව ගතවූ කාලයේ පමණක් රුපියල් විසිඑක් කෝටි අනූලක්ෂ අසූදෙදහසකට ආසන්න මුදලක් රජයට ඉතිරි වී තිබෙනවා.

2020 ජුලි මස 01 වැනිදා ගන්නා ලද කැබිනට් තීරණයට අනුව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශ‍්‍රී ලංකා රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක‍්‍රියාවලිය 2021 ජනවාරි මස 1 වැනිදා සිට ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත පවරා දෙනු ලැබුවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48