spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රියදුරාගේ වරදින් ගුවන් යානයක් පාලමක් යට සිරවෙයි

භාවිතයෙන් ඉවත් කරන ලද Air India Airbus A320 ගුවන් යානයක් කන්ටේනර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්දියාවේ ගුවන් පාලමක් යට සිරවී තිබෙනවා.

එයාර් ඉන්දියා A320 වර්ගයේ මෙම යානය 2021 වසරේදී සේවයෙන් ඉවත් කරන ලද එකක් වන අතර මෑතකදී ව්‍යාපාරිකයෙකු විසින් වෙන්දේසියේ දී මිලදී ගෙන තිබුණා.

එය ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇසෑම් ප්‍රාන්තය වෙත රැගෙන යමින් සිටියදී යි මෙම අනතුරට ලක්වී ඇත්තේ.

ගුවන් යානා තේමා කරගත් අවන්හලක් බවට මෙම ගුවන් යානය පරිවර්තනය කිරීමට නියමිතව තිබෙනවා.

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට ගුවන් යානය සිරවී ඇති ආකාරය සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.

ප්‍රාදේශීය ට්‍රක් රථ රියදුරන්ගේ සහාය ඇතිව ගුවන් යානය පාලම යටින් සෙමින් ආපසු ඉවත් කරගෙන තිබුණා.

Airbus A320 යානය පාලමක් යට සිරවීමත් සමග ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අවන්හලක් බවට පරිවර්තනය කිරීම සඳහා ගුවන් යානය මුම්බායි සිට ඇසෑම් දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරුගේ වැරදි අනුමාන කිරීමක් නිසා අනතුර සිදු වූ බව සඳහන් .

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 2021 සහ 2022 වසරවල දී මේ හා ඉතා සමාන සිදුවීම් දෙකක් සිදු වූ බවයි.

A320 ගුවන් යානා පිළිවෙලින් දිල්ලි සහ බපට්ලාහි පාලම් යට සිරවී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
9
+1
3
+1
2
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?