රියදුරාගේ වරදින් ගුවන් යානයක් පාලමක් යට සිරවෙයි

භාවිතයෙන් ඉවත් කරන ලද Air India Airbus A320 ගුවන් යානයක් කන්ටේනර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්දියාවේ ගුවන් පාලමක් යට සිරවී තිබෙනවා.

එයාර් ඉන්දියා A320 වර්ගයේ මෙම යානය 2021 වසරේදී සේවයෙන් ඉවත් කරන ලද එකක් වන අතර මෑතකදී ව්‍යාපාරිකයෙකු විසින් වෙන්දේසියේ දී මිලදී ගෙන තිබුණා.

එය ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇසෑම් ප්‍රාන්තය වෙත රැගෙන යමින් සිටියදී යි මෙම අනතුරට ලක්වී ඇත්තේ.

ගුවන් යානා තේමා කරගත් අවන්හලක් බවට මෙම ගුවන් යානය පරිවර්තනය කිරීමට නියමිතව තිබෙනවා.

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට ගුවන් යානය සිරවී ඇති ආකාරය සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.

ප්‍රාදේශීය ට්‍රක් රථ රියදුරන්ගේ සහාය ඇතිව ගුවන් යානය පාලම යටින් සෙමින් ආපසු ඉවත් කරගෙන තිබුණා.

Airbus A320 යානය පාලමක් යට සිරවීමත් සමග ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අවන්හලක් බවට පරිවර්තනය කිරීම සඳහා ගුවන් යානය මුම්බායි සිට ඇසෑම් දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරුගේ වැරදි අනුමාන කිරීමක් නිසා අනතුර සිදු වූ බව සඳහන් .

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 2021 සහ 2022 වසරවල දී මේ හා ඉතා සමාන සිදුවීම් දෙකක් සිදු වූ බවයි.

A320 ගුවන් යානා පිළිවෙලින් දිල්ලි සහ බපට්ලාහි පාලම් යට සිරවී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14