රැවුල වැවූ සරසවි සිසුවා ගැන අධිකරණයෙන් නියෝගයක්

රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට සහ විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස අභියාචනාධිකරණය විසින් එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කර තිබෙනවා.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ.

මෙම පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 14 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස විනිසුරුවරයා විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කළා.

පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු බවයි.

ඔහු මුස්ලිම් ජාතිකයකු වන අතර රැවුල වවා සිටීම නිසා ඔහුට දේශනවලට සහ විභාගයට පෙනී සිටීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

විභාගයට හා දේශනවලට පෙනී සිටීම අවශ්‍ය නම් රැවුල කපා ඉවත් කරන ලෙස පාලනාධිකාරිය විසින් බලපෑම් සිදු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

පෙත්සම්කරු ඉස්ලාම් අගමිකයෙකු වන අතර ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුව රැවුල වැවීම සිදු කරන බවත් එය කපා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග නිකුත් කිරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙවැනි නීතියක් පැනවීමට විශ්වවිද්‍යාල පනත යටතේ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට කිසිදු බලයක් නොමැති අතර අදාළ සිසුවා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ අවස්ථාවේ මෙවැනි රෙගුලාසියක් නොපැවති බවත් අවසන් වසරේදී මේ ආකාරයේ නීතියක් පැනවීම නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට මෙන්ම ඔහුගේ අධ්‍යාපන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වී ඇති බවයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තම සේවාදායකයාට මේ මස 09 වනදා පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තර්ක කළා.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලය විසින් විනය තීරණයක් මත මෙම තීන්දුව ගෙන ඇති බවයි.

අදාළ විශ්ව විද්‍යාලයේ සිටින සෙසු ඉස්ලාම් සිසුන් ද මෙම නීතියට අනුකූලව කටයුතු කරන බවයි රජයේ නීතිඥවරිය කියා සිටියේ.

විශ්වවිද්‍යාලය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවද රජයේ නීතිඥවරිය සඳහන් කළා.

කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම්කාර ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට ඇතුළු වන අවස්ථාවේදී මෙවැනි නීතියක් එම විශ්වවිද්‍යාලය මගින් පනවා නොතිබූ බව පෙන්වා දුන්නා.

එසේ තිබියදී අවසන් වසරේ දී මේ ආකාරයෙන් නීතියක් පැනවීම තුළින් ඔහුට අගතියක් සිදු වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ ශිෂ්‍යයාට මේ මස 09 වනදා පැවැත්වීමට නියමිත විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙසත් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු නියෝගයක් ද නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46