රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නවකවදයට ලිංගික හිංසනය ආදේශ කළේ ජවිපෙ – පාඨලීගෙන් සැර ප්‍රකාශයක්

මෙරට ජනතාවගේ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ‘නවකවද’ සංකල්පය ගෙනැවිත් ඊට ‘ලිංගික හිංසනය’ රෝපණය කරමින්; රටේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ සිතෙහි රාජ්‍ය විශ්වවිද්‍යාල පිළිබඳ ව බයක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක චෝදනා කරනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය ආරම්භ වී එය ශීඝ්‍රයෙන් දියුණු වූ බවත්; එයට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මිසක රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නොවන අතර ඔවුන් විසින් මෙරට දරුවන්ට විශ්වවිද්‍යාල භූමියෙහි ඉතිරි කර ඇත්තේ කඳුලු ගෑස් පමණක් බව ද කියා සිටියා.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වනු ලැබූ මහනුවර දිස්ත්‍රික් ජන හමුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54