AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ඇමැති චාමර ගමන්ගත් රථය ගිනිගනී (ඡායාරූප)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දී මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල දක්වා ගමන් කරමින් සිටිය දී අද (16) අලුයම් කාලයේ දී මෙලෙස රථය ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

රථය ගිනි ගැනීමෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නැහැ.

බණ්ඩාරවෙල මහ නගරසභා ගිනි නිවන ඒකකය, ඇල්ල පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
4
+1
56
+1
2
+1
5
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?