රනිල්ට වාරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණ විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, පළාත් පාලන ආයතන කිහිපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් විසිඑක්දෙනෙකු නෙරපාහැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමිනි.

මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කර ඇත.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු එජාප නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ විනය කමිටුවේ ලේකම් අමිත ජයසේකර යන මහත්වරුන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතිසි යැවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?