රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුද හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එම නඩුවෙන් මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදාහරින බවයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කරනු ලැබුවේ.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මෝටර් රථයක් තුළ තිබූ බෑගයකින් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පසුගිය මැයි මස 23 වන දින අත්අඩංගුවට ගත්තා.
අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කෙරුණු අතර, ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වනදා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබුවා.




