රන් ආලේපිත ගිනිඅවි නඩුවෙන් දුමින්ද නිදහස්

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුද හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එම නඩුවෙන් මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදාහරින බවයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කරනු ලැබුවේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මෝටර් රථයක් තුළ තිබූ බෑගයකින් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පසුගිය මැයි මස 23 වන දින අත්අඩංගුවට ගත්තා.

අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කෙරුණු අතර, ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වනදා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබුවා.

  1. නිවැරදි සාක්ෂි නැතුව මිනිස්සු අත් අඩංගුවට ගත්තාම,එයාලා මාස ගනං බන්ධනාගාරවල දුක් විදිනවා.
    සමාජයෙන් නින්දා අපහාස විදිනවා.
    නිකරුණේ රජයේ මුදල් හා කාලය අපතේ යනවා.
    පොලිසිය කෙරෙහි ජනතා විශ්වාසය තය තවත් බිද වැටෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12