සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අල්ලස් කොමිසමට ලබාදීමට හැකි යැයි රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයා අල්ලස් කොමිසමේ සභාපතිනිය වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාලව රන්ජන් රාමනායක මහතා සාක්ෂි ලබාදීමට කැමැත්තෙන් පසුවන බව ද රන්ජන් රාමනායක මහතාගේ නීතිඥ ආශාන් රිෂි ප්රනාන්දු මහතා අල්ලස් කොමිසමේ සභාපතිනියට යවා ඇති ලිපියේ සඳහන් වේ.















ඔබතුමා මේ වගේ ඇත්ත වෙනුවෙන් කතා කරද්දී මටනම් පුදුම බයක් දැනෙන්නේ ඔබතුමාගේ ජීවිතය සම්බන්දව..ඇත්තටම ඒ ගැන ඔබතුමා වැඩිය හිතන්නේ නැතුවත් ඇති ඒ වුනාට රටේ ජනතාව වෙනුවෙන් ඔබතුමා ඒ ගැන ටිකක් සිතන්න ..ඔබතුමා වගේ කෙනෙක්ගේ නායකත්වය යටතේ ඉන්න මේ රටේ මිනිසුන්ට පින නෑ..හොරුන්ට චන්දෙ දීලා හෙනගහපිය කිය කිය වැනසිල යන ජාතියක් මේක…දුකයි ඇත්තටම ඔබතුමා වෙන රටකට ගිහින් ජීවත් වෙන්න මේක හදන්න බෑ කිසිදාක.බුදුරජාණන් වහන්සේ කියූ කිසි දෙයක් වැරදිලා නෑ හිතට දුක ඒ ජාතියේම ඒ දහමෙම බොරුවට පන්සලට ගිහින් වැදලා ඊට පස්සේ ඇවිත් පන්සලේ ගර්බය කඩාගෙන යන නිවට කාලකණ්නි ජාතියක් බවට පත්වෙලා. ඒකත් සාසනය පිරිහීම යනුවෙන් මන් දකින්නේ ඒත් මෙච්චර ඉක්මන්ට මේ තරම් අති වුතුම් වූ නිර්මල බුදු ධහම මිනිසුන් විසින් විනාශ කරයි කියලා හිතුවේ නෑ..මේ වගේ කාලෙක ඉපදිලා සිටින මමද කොච්චර පව්කාරද කියලා නිතරම මම දුක් වෙනවා..මන් මේක ලිව්වේ ඔබතුමගේ පක්ෂය නිසා නෙමෙයි යූ.න්.පී කියන්නේ මට තිත්ත එකක් සියලු දේශපලන පක්ෂ අප්පිරියයි..ඔබතුමාගේ ක්රියාකලාපය පැහැදිලි ඇත්ත කතාකරන නිසා…තෙරුවන් සරණයි.