රථවාහන ලියාපදිංචිය සඳහා කූඨ ලේඛන මුදලට විකිණූ තිදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව අසල මෝටර් රථවාහන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබා ගන්නා ස්ථානයක් සම්බන්ධව බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරුවන් තිදෙනෙක් ඊයේ (21) දින දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 39, 52 හා 56 වයස්වල පසුවන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහන් කළේ.

සැකකරුවන් සන්තකයේ තිබී මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ශීර්ෂ පාඨ ඇතුලත් ආදායම් බලපත්‍ර ඉල්ලුම්පත් 02 ක්, මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ නම සඳහන් ව්‍යාජ රබර් මුද්‍රාවක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද සාම විනිසුරුවරියකගේ නම ඇතුලත් රබර් මුද්‍රාවක්, ව්‍යාජ සහතිකපත් සැකසීමවට යොදා ගන්නා හැඳුනුම්පත් වල ජායා පිටපතක්, ව්‍යාජ ලෙස සකස් කිරීමට සූදානම් කර තිබූ ලොරි රථයක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික පිටපතක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද නීතිඥවරයෙකුගේ විස්තර ඇතුලත් රබර් මුද්‍රාවක් හා මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලිපි කටයුතු සඳහා යොදා ගන්නා ෆයිල් කවරයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40