රට සහලින් ස්වයංපෝෂිත කරන්න වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉදිරි වගා කන්න 06 තුළ මෙරට වී වගාව දෙගුණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය සියලු පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ වනවිට රට සහලින් ස්වයංපෝෂිත මට්ටමකට ළඟාවී ඇතත් දිවයින පුරා පවතින සියලු කුඹුරුවලින් එකම මට්ටමේ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 2.5 සිට 4.5 දක්වා වෙනස් වනවා.

එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල ගොවි ජනතාව අග්නිදිග ආසියානු කලාපයේ හෙක්ටයාර් එකකට මෙතෙක් ලද ඉහළම වී අස්වැන්න වශයෙන් මෙට්‍රික් ටොන් 11ක් දක්වාත් වාර්තා කර තිබෙනවා.

මෙරට වී වගාව තුළ අස්වැන්න ඉහළ නැංවීමට මෙන්ම සහල්වල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාගැනීම මගින් ශ්‍රී ලංකාවේ සහල් සඳහා ජාත්‍යන්තරය තුළ ඉහළ ඉල්ලුමක් ද පවත්වා ගැනීමට හැකියි.

මේ හේතුවෙන් වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වන නව තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම සඳහා විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසට සහ ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

දැනට මෙරට ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක්. වර්ෂයකට යල හා මහ කන්න දෙක තුළ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3ක් වනවා. ඉන් දැනට ලබා ගත හැකි සමස්ත වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් පමණ වන බව සඳහන්.

එමගින් නිපදවා ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් වන අතර මෙරට පාරිභෝජනය සඳහා වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් අවශ්‍ය වනවා.

දැනට අවශ්‍ය තරම් සහල් රට තුළ පැවතියත් රජයේ ආහාර සුරක්ෂිතතා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහාත්, මහජනතාවට අවම මිලක් යටතේ සහල් පාරිභෝජනය සඳහා ඉඩතඩ සැලසීමත් අරමුණු කර ගනිමින් මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ඉළක්කය බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

2023 වර්ෂය තුළ කෘෂිකර්මාන්තය සඳහා රුපියල් බිලියන 132ක මුදලක් ජනාධිපතිවරයා විසින් ලබා දුන් අතර 2024 වර්ෂය තුළ ගොවි ජනතාවට වී වගාවේ නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වැඩිපුර මුදල් රජය විසින් ලබා දෙනු ඇතැයි ද මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

පසුගියදා පැවැති දකුණු පළාත් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීමේ දීයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?