රටේ පරමාධිපත්‍යට විශාල තර්ජනයක් එල්ලවෙලා – හිටපු ජනපති රනිල්

මේ වනවිට රටේ පරමාධිපත්‍යට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදට (06) යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

මේ අතර වර්තමානය වන විට රජය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය මර්දනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම නිදහස් වෘත්තිය සමිති ක්‍රමය ද නැති කිරීමට මේ වනවිට කටයුතු කරමින් යන බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

මීට අමතරව රජය විසින් නිතීඥ සංගමයට, වෛද්‍යවරුන්ට සහ භික්ෂුන් වහන්සේලාට එරෙහිව කටයුතු කිරීමට ද පටන්ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආරම්භ සාමාජිකයෙක් වන ඩී.ඒ රාජපක්ෂගේ මුණුපුරෙකුවන නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් ද විරුද්ධත්වය පළකරන බව ද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57