උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල්වලට වාර්තාගත උෂ්ණත්වයක් බලපා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අගෝස්තු මාසය දක්වා යුරෝපයට බලපාන උෂ්ණත්වය පැවතිය හැකි බවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් එවැනි කාලගුණයක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පවසනවා. එක්සත් ජනපදයේ, නිරිත දෙසින් පිහිටි ප්‍රදේශවල සිටින මිලියන ගණනක ජනතාවට අධික තාප අනතුරු ඇඟවීම් වලට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජපානයේ අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු තාප ආඝාතය සඳහා ප්‍රතිකාර ලබා ඇති අතර බහුතරයක් රෝහල් වෙත යවා ඇති බවද සඳහන් .
උතුරු අමෙරිකාවේ සහ යුරෝපයේ ද මෙම සතියේ උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.
ඉතාලියේ සිසිලි සහ සාඩීනියා දූපත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. සයිප්‍රසයේ, මේ සතිය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා වැඩිව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා
දැනටමත් 90 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇත්තේ මෙම උෂ්ණත්වය හේතුවෙන්.