පරීක්ෂණ අවසන් වන තෙක් විදෙස් කතකට මරු කැඳවූ ළැඟුම්හල වසා දැමීමට නියෝගයක්

කොළඹ – කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පලක විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එම වාර්තාව සැලකිල්ලට ගනිමින් ඊට අදාළ ඉදිරි පරීක්ෂණ සිදුකර රැඳී සිටීමේ යෝග්‍යතාව වාර්තා කිරීමක් සිදු කරන තෙක් අදාළ නවාතැන්පළ තාවකාලිකව වසා දමන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය
අද (03) නියෝග කළා.

පසුගියදා අදාළ නවාතැන්පොළෙහි රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සහ ජර්මන් ජාතික යුවළකට හදිසියේ ඇති වූ වමනය යෑමේ තත්ත්වයක් මත රෝහල්ගත කළ අතර එහිදී 24 හැවිරිදි ඒ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්වුණා.

එම සිද්ධියට ආහාර විෂ වීමක් හේතු වූවා ද නැතහොත් ඝාතනයක් ද යන්න ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා තවත් ප්‍රකාශයන් සටහන් කිරීමට ද නියමිතව තිබෙන බව පෙලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සඳහා මරණකාරියගේ ඥාතීන් ගෙන්වා මෘත ශරීරය හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට ද නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23