77 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපතිගෙන් රැඳවියන් 285කට සමාව (වීඩියෝ)

77 වන නිදහස් දිනයට සමගාමී ව බන්ධනාගාර රැඳවියන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම රාජ්‍ය සමාව පිරිනමා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය ප්‍රකාරව මෙම බලය ජනාධිපතිවරයා විසින් භාවිත කරනු ලබනවා.

මෙවර ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 285 දෙනෙකුට සමාව හිමිවන අතර ඉන් කාන්තා රැඳවියන් සයදෙනෙකුත්, පිරිමි රැඳවියන් 279 දෙනෙකුත් සිටින බවයි වාර්තා වන්නේ.

හෙට (04) දහවල් කාලයට ප්‍රථම සියලු බන්ධනාගාරවලින් මෙම පිරිස මුදා හැරීමට පියවර ගැනෙන බවයි.

ඒ අනුව වාරියපොළ බන්ධනාගාරයෙන් 33 දෙනෙකුත්, මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 31 දෙනෙකුත්, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 22 දෙදෙනකුත්, වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 15 දෙනෙකුත්ථ හෙට දිනයේ දී නිදහස ලබා පිටව යාමට සූදානමින් සිටිනවා.

මීට අමතර ව 77 වන නිදහස් දිනයට සමගාමී ව පෙබරවාරි 04 වැනි දින විශේෂ අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් පිරිනමා තිබෙනවා.

එහිදී රැඳවියන්ගේ ඥාතීන් හට විවෘත නැරඹීමක්, මුණගැසීමක් පූර්ණ ආරක්ෂාව යටතේ සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22