රුපියල් ලක්ෂ 25ක විස්කි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

තීරුබදු නොගෙවමින්, මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා විස්ක් බෝතල් 88ක් සමග විදේශීය ගුවන් මගියෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු සඳහන් කළේ; ගුවන් තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ මෙම විස්කි බෝතල් සැකකාර විදේශිකයා විසින් පිටමං කිරීමට උත්සාහ කර ඇති බවයි.

සැකකරුව ඊයේ (02) අත්අඩංගුවට ගත්තේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින්.

මොහු 42 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඊයේ පස්වරු 02.00ට ඉන්දියාවේ – බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකාර ගුවන් මගියාගේ බෑගය පරීක්ෂා කිරීමේ දී එහි තිබී ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර 19ක් ද සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක අතර මෙම ඉන්දීය ජාතිකයා සමග විස්කි බෝතල් තොගය සහ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ද අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔහු එළඹෙන 06 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39