රජයේ දොස්තරලා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ දී අද (16) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මේ බව සඳහන් කළා.

ඒ, අනුව අනිද්දා (18) දිනයේ සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමෙන් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටලු කිහිපයකට රජයෙන් තවමත් සාධනීය විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට තීරණය කර ඇත්තේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම කටයුත්තෙන් ඉවත්වීම තුළ දෛනිකව ලබාදෙන දත්ත වාර්තා, සතිපතා ලබාදෙන දත්ත වාර්තා, මාසිකව ලබාදෙන දත්ත වාර්තා සහ කාර්තු වශයෙන් ලබාදෙන දත්ත වාර්තා ඇණහිටීමක් සිදුවන බවයි වෛද්‍ය ප්‍රභාත් සුගතදාස වැඩිදුරටත් පැවසුවේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42