spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රක්වාන ගඟ හරහා තමන් ඉදිකළ පාලම ජනතාව විසින්ම විවෘත කරයි

රත්නපුර ,පල්ලේබැද්ද ප්‍රදේශයෙන් රක්වාන ගඟ හරහා ඉදිකරන ලද පාලමක් මහා සංඝයා වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් අද (20)දින විවෘත කරනු ලැබුවා.

රජයෙන් සහ දේශපාලනඥයන්ගේ සහයෝගය නොමැතිව ලක්ෂ විස්සක පමණ මුදලක් වැය කරමින් ගම්වාසීන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගයෙන් මෙම පාලම නිර්මාණය කර තිබෙනවා.

වෙලේවත්ත ,තඹගමුව ,දඹේතැන්න යන ගම්මාන වල ජනතාවට මෙම පාලම හරහා ගමන්කිරීම මගින් පල්ලේබැද්ද නගරයට ඉතා පහසුවෙන් පැමිණීමේ හැකියාවද සැලසෙනවා.

2007 වසරේ සිට වසර දාහතක කාලයක් දේශපාලනඥයන් විසින් අදාළ පාලම සැකසීමට අවධානය යොමු නොකිරීම හේතුවෙන් තමන් කිසිදු පක්ෂයකට ඡන්දය ලබා නොදීමට කටයුතු කරන බවද එම ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
15
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?