Indian Premier League

යූටියුබ් වීඩියෝවකට එරෙහිව ආදිවාසී නායකයා නඩු මඟට (වීඩියෝ)

ආදිවාසී පුරපුරේ සංස්කෘතිය විකෘති කරමින් සහ ඊට නිඟාවන ලෙස ව්‍යාපාරික අරමුණ කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදාහැරි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසනවා.

ආදිවාසී නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම වීඩියෝ නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවයි.

ඔවුන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන්, ආදිවාසී පරපුර පිළිබද සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත්, ආදිවාසී භාෂාව ද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝපටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බවයි ආදිවාසි නායකයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
52
+1
3
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?