යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ජනපති අතර හමුවක්

මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ අද (16) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙරට සංචාරයක නිරත වනවා.

මෙම නිල සංචාරය සඳහා ඇය අද (16) අලුයම දිවයිනට පැමිණියා.