යාපනය ශික්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියලුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කොට තිබෙනවා.
උණ රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වූයේ දැරිය ඇතුළු කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකීරීම නිසා බවට තොරතුරු හෙළි වී තිබේ.එමෙන්ම හෙදියට එරෙහිව සාක්කි දී ඇති බොහෝ රෝගීන් පවසා අත්තේ එම හෙදිය සිය ජංගම දුරකතනය සමඟ කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා බවත් රෝගීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවත්ය.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට පළමු පියවරක් වශයෙන් ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කොට ඇති අතර ඉතා ඉක්මනින් උතුරේ සියලුම රෝහල් වල හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවලට රාජකාරී අවස්ථාවලදී ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පියවර ගනිමින් සිටියි.