spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ ප්‍රතිමාවක් ඉවත්කරන්න අධිකරණ නියෝගයක් දීමෙන් විරෝධතා

යාපනය පන්නෙයි වටරවුමේ නයිනතිව් නාගභූෂණී අම්මාන් කෝවිලේ ප්‍රතිමාවක් කිසියම් පාර්ශවයක් ඉදිකිරීම සහ ඉන් පසුව එම ප්‍රතිමාව ඉවත්කිරීමට යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ගැනීමත් සමඟ පාර්ශව කිහිපයකින් විරෝධතා එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.

‍නාගභූෂණී අම්මාන් කෝවිලේ පාර්වතී අමාම්න් දේවතාවගේ පිළිරුවක් මෙලෙස පන්නෙයි වටරවුමේ ඉදිකිරීම සමබන්ධයෙන් ඊයේ (15) දින යාපනය පොලීසිය විසින් යාපනය අධිකරණයට කරුණු ගොනුකරමින් දැනුම් දී ඇත්තේ අදාළ ප්‍රතිමාව මඟින් මහජන සාමයට බාධාවක් වන බවටත් එය රථවාහන ගමනාගමනයටද බාධාවක් වන අතරම ප්‍රතිමාව ඉදිකරන ලද පාර්ශවයක් හෝ අයිතිකරුවෙකු නොමැති බවටත්ය.

පසුව අදාළ පිළිමය අයිතිකරුවෙකු නොමැතිනම් නීත්‍යානුකූල නොවන්නේ නම් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට යාපනය අධිකරණය මිගින් පොලීසියට නියෝගයක් ලබා දී තිබෙනවා.

අනතුරුව ඒ බව දන්වමින් යාපනය පොලීසිය විසින් අදාළ ප්‍රතිමාව අසල පෝස්ටරයක් අලවා ප්‍රතිමාව අසල පොලිස් ආරක්ෂාවක්ද සපයා පෝස්ටරය මඟින් දැනුම් දී ඇත්තේ අදාළ ප්‍රතිමාව ඉදිකරන ලද පාර්ශවයක් සිටීනම් හෙට (18) දිනයේදී යාපනය අධිකරණයේදී අදාල නියෝගය විභාග වන බවටත් එහිදී අදාල ප්‍රතිමාවට අයිතිකාර පාර්ශවයන් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ඇතුලු අවශ්‍ය ලිපිලේඛනද සමඟින් සහභාගී වන ලෙසටත් එසේ නොවන්නේ නම් අදාළ ප්‍රතිමාව ඉවත් කිරීමට සිදුවන බවටත්ය.

මේ අතර අදාල ප්‍රතිමාව ඉවත් කිරීම සහ අධිකරණ නියෝගය මෙන්ම ප්‍රතිමාව ඉදිකිරීම සම්බන්ධයෙන් අද දින මෙන්ම හෙට දිනයේදීද නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජක නල්ලෙයි ආදීනම් පූජකතුමා ඇතුලු විවිධ හින්දු සංවිධාන කිහිපයක නියෝජිතයින් එක්ව සාකච්ඡාවක්ද පැවත්වීමට පියවර ගෙන තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ගහපු ගුරු සෙල්ෆිය...#sjb #sajithpremadasa
00:49
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වූ විවිධ වැඩසටහන්
03:18
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-26 | Dasatha News
33:30
Video thumbnail
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිතුමා කියවන්න ඕන වගන්තිය ගැන නීතිඥයන් කියයි
02:51
Video thumbnail
ජනාධිපතිවරණයේදී පළමු වතාවට ක්‍රියාත්මකවන නීතිය ගැන පැෆ්රල් සංවිධානය කියපු දේ
02:38
Video thumbnail
ඇප තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයන්ගේ රට හදන කතා
03:10
Video thumbnail
"වෙනත් කිසිවෙකුගේ බලපෑමකට මැතිවරණ කොමිසම හිස නවන්නෙ නෑ"
06:19
Video thumbnail
මිහින්තලේ හිමි ජනාධිපති අපේක්ෂකත්වයට? රට ගොඩගන්න මිහින්තලේ හිමිගෙන් වේදිකාවක්
07:59
Video thumbnail
ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂවල සහය කාටද?
07:45
Video thumbnail
පොළව ඉම්බේ නැතිවුණාට මාතෘභූමිය බේරගන්න ආවේ :- රතිඳු සේනාරත්න #ratta #රැට්ට #damitha_abeyrathna
03:41

?