යාපනයේ අධිආරක්ෂිත කලාපයේ හින්දු කෝවිල් වඳින්න යුද හමුදාවෙන් සහනයක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් අධිආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 7ක පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබා දීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල පූජාවන් සඳහා මෙලෙස සිවිල් ජනතාවට අවසර ලබා දී ති තිබෙනවා.

මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබා දී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දීමට කටයුතු කර ඇත.

මෙලෙස පූජාවන් සඳහා එක්වන පිරිසට අවශ්‍ය සෞඛ්‍ය, ප්‍රවාහන, සනීපාරක්ෂක ඇතුළු සියලු ම පහසුකම් සැපයීඹටද යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !