පසුගිය මහ කන්නයට වඩා එළඹෙන යල කන්නයේදී අස්වැන්නේ විශාල අඩුවක් සිදුවන බව කෘෂි විද්‍යාඥයින් විසින් අනතුරු ඇඟවීමක් සිදුකරයි.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව අද (27) මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කළේ,
“අප කරන ලද පුරෝකථනයන් අද ඒ විදිහටම සහ එතනිනුත් එහාය යන විදිහට කෘෂිකර්මාන්තයේ දියුණුවට බාධාවන පරිදි සිදුවෙලා.”
රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරුණ කුමාර මහතා,
“මේ යල කන්නය තමයි ස්ථීර වශයෙන්ම මෑත කාලයේ ඉතාම අසාර්ථක කන්නය. ගිය මහ කන්නයේ අස්වනු හානිය 45% ඉක්මවූ අගයක් ගත්තා.”
“හැබැයි යල කන්නයේදී එතනිනුත් එහාට ගිහින් දැවැන්ත අස්වනු හානියක් සිදුවෙනවා.”
“ඒ ගොවීන්ට පොහොර නොමැතිවීම, පොහොර මිල 7ගුණයකින් වැඩිවීම වගේ කරුණු නිසා.”
“මේ වෙනකොට ගොවීන් අතේ වී නැහැ. මෝල හිමියන් අතේ වී නැහැ. රටෙත් වී නැහැ. එතකොට මේ පටන් ගන්න යල කන්නයට මොකද වෙන්නේ.”
“ඉදිරියේදී සහල් මිල කොතනින් නතර වෙයිද දන්නේ නැහැ.”