AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ය්ව තවත් සිසුන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මාවතගම – සිංහපුර මුස්ලිම් දේවස්ථානය ආසන්නයේ දී ඊයේ (31) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ සිසුන් තිදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වෑඋඩ, පරගහදෙණිය, සිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් කාමිල් මොහොමඩ් සාහීල් නැමැති වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක්.

තුවාල ලැබූ සිසුන් තිදෙනා 15 සහ 16 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

මාවතගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?