Empty Ad
AFC Banner
Empty Ad

යතුරුපැදි අනතුරකින් හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු මරුට

කැකිරාව – ඉපලෝගම, රණජයපුර ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (07) අලුයම මෙම අනතුර සිදු ව ඇති අතර මරණකරුගේ යතුරුපැදිය රණජයපුර මංසන්ධියේ සිට එම ප්‍රදේශයේ නිවාස සංකීර්ණය දෙසට ධාවනය වෙමින් තිබියදී නවීන පන්නයේ යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරු සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ එම යතුරුපැදිය පැදවූ බව කියන 25 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙක්.

මෙම තරුණයා ශ්‍රී ලංකා යුඩද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස රාජකාරී කරමින් සිටි අයෙකු බව ද, ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්ත ව සේවය කරමින් සිට ඇති බව ද, සිදුකළ විමර්ශණවල දී හෙළි ව තිබෙනවා.

ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණයාගේ දේහය මේ වන විට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කැකිරාව දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන වජිර කට අරියි මේවා අවුස්සන එකෙන් ජාතියට ඵලක් නෑ
09:26
Video thumbnail
කොළඹ නගරාධිපති පුටුවට එන්නේ මුජිබර්ද ?
13:52
Video thumbnail
ධර්මයෙන් රටක් සුවපත් කළ කැටවල හේමාලෝක හිමි කියපු කතාව
01:59
Video thumbnail
මෙදා පොටේ ගම්පහ බලයත් සජබය අල්ලයිද ?
08:31

?