යතුරුපැදි අනතුරකින් හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු මරුට

කැකිරාව – ඉපලෝගම, රණජයපුර ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (07) අලුයම මෙම අනතුර සිදු ව ඇති අතර මරණකරුගේ යතුරුපැදිය රණජයපුර මංසන්ධියේ සිට එම ප්‍රදේශයේ නිවාස සංකීර්ණය දෙසට ධාවනය වෙමින් තිබියදී නවීන පන්නයේ යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරු සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ එම යතුරුපැදිය පැදවූ බව කියන 25 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙක්.

මෙම තරුණයා ශ්‍රී ලංකා යුඩද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස රාජකාරී කරමින් සිටි අයෙකු බව ද, ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්ත ව සේවය කරමින් සිට ඇති බව ද, සිදුකළ විමර්ශණවල දී හෙළි ව තිබෙනවා.

ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණයාගේ දේහය මේ වන විට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කැකිරාව දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46