AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි අනතුරකින් විදේශිකයෙකු ජීවිතක්ෂයට

අහංගම නගරයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි 30 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ උදෑසන ඔහු ගමන් කරමින් තිබූ යතුරුපැදිය ප්‍රධාන මාර්ගයේ පිහිටි කොන්ක්‍රීට් කාණුවකට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

තුවාල ලැබූ විදේශිකයා ප්‍රතිකාර සඳහා හබරාදූව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවටයි වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?