AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදියක් සහ ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටී 4ක් රෝහලට (වීඩියෝ)

හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල කිරිමණ්ඩල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් මතට විශාල ගසක් කඩා වැටී තිබෙනවා.

අද (13) රාත්‍රි 8.30ට පමණ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයන් 4 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු සහ යතුරු පැදියේ ගමන් කරමින් සිටි අයෙකු මෙසේ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබූ අතර මේ වනවිට මාර්ගයේ එක් මංත්‍රීරුවක් රථ වාහන ගමනාගමනය සදහා විවෘත කර තැබීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?