වාහල්කඩ පොලිස් වසමේ, කැබිතිගොල්ලෑව, පදවිය මාර්ගයේ ඊයේ (28) දින සවස, ගල්ලිඳවැව ප්රදේශයේදී, පදවිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉස්සර කිරීමට උත්සහ කළ යතුරුපැදියේ පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
අනෙක් පැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු අවුරුදු 54 ක් වූ බෝගහවැව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වාහල්කඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
