මෝදි මේ මස අග අමෙරිකාවට – ලබන වසරේ Quad සමුළුව ඉන්දියාවේ දී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග සතියේ දී අමෙරිකාවට යාමට නියමිත ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි Quad සමුළුව සඳහා එක්වීම අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ අභිප්‍රායයි.

මෙම සමුළුව සිව් දිනක් පුරාවට එනම්; සැප්තැම්බර් මස 21 වැනි දින සිට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ උපන් ගම වන ඩෙලවෙයාර් – විල්මින්ටන්හි දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

Quad සමුළුව මගින් ගෝලීය යුද අර්බුද වන යුක්‍රේන – රුසියානු අර්බුදය සහ ඊශ්‍රායල – පලස්තීන ගැටුම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කිරීමටයි සූදානම් ව ඇත්තේ.

මෙම සමුළුවට ඉන්දියාවට අමතර ව ජපානය, ඔස්ට්‍රේලියානු නායකයින් ද එක්වීමට නියමිතයි.

මෙම සමුළුවට දින වෙන් කරගැනීම ගෝලීය වශයෙන් පැවති තත්ත්වවල දී දැඩි අපහසු කාරණයක් වූ අතර; එය ව්‍යාකූල තත්ත්වයන් මධ්‍යයේ මේ මස අග දී පැවැත්වෙන අතර නව සැලැස්මට අනුව 2025 වසරේ දී Quad සමුළුවේ සත්කාරකත්වය දැරීමට ඉන්දීය රජය බලාපොරොත්තුවෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02