Empty Ad
AFC Banner
Empty Ad

මෝදි අමෙරිකාවට ගොඩ බසියි

දෙදින ප්‍රංශ සංචාරය නිම වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (12) එක්සත් ජනපදයට පැමිණියා.

වොෂින්ටන් ඩීසී හි ජොයින්ට් බේස් ඇන්ඩෲස් වෙත ගොඩබට මෝදිගේ පළමු හමුව වූයේ එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් බවයි පැවසෙන්නේ.

එක්සත් ජනපදයේ සිටින අනවසර ඉන්දියානු සංක්‍රමණිතයින් දම්වැල්වලින් බැඳ සිරකරුවන් සේ ඉන්දියාවට පිටුවහල් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සංක්‍රමණ ප්‍රතිපත්තියෙන් ඉන්දියාවට කරන ලද මදි පුංචිකම නොතකා, මෝදි එක්සත් ජනපදයට පැමිණෙන්නේ ප්‍රංශයෙන් ලද උණුසුම් පිළිගැනීමත්, ඉන්දීය ජාතික බුද්ධිමතුන් ගණනාවකගේ ප්‍රභාවෙන් පරිපාලනය වෙන රටකට පැමිණිමේ අභිමානය ද කැටුවයි.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර මේ වනවිට පවතින වෙළෙඳ සබඳතා එක්සත් ජනපදයට අවාසිසහගත බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවත්, එම අවාසිය සමහන් කිරීම සඳහා ඉන්දියාව එක්සත් ජනපදය සඳහා ආරක්ෂක ඇනවුම් ලබාදිය යුතුව ඇති බව ට්‍රම්ප්ගේ මතය වන බවත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප් හදිසියේම මෝදි එක්සත් ජනපදයට කැඳවූ‌යේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් වුවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුවීම ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයේ නව පරිච්ඡේදයක් ලෙසයි අගමැති මෝදි සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:30:22
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?