මෝදි අමෙරිකාවට ගොඩ බසියි

දෙදින ප්‍රංශ සංචාරය නිම වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (12) එක්සත් ජනපදයට පැමිණියා.

වොෂින්ටන් ඩීසී හි ජොයින්ට් බේස් ඇන්ඩෲස් වෙත ගොඩබට මෝදිගේ පළමු හමුව වූයේ එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් බවයි පැවසෙන්නේ.

එක්සත් ජනපදයේ සිටින අනවසර ඉන්දියානු සංක්‍රමණිතයින් දම්වැල්වලින් බැඳ සිරකරුවන් සේ ඉන්දියාවට පිටුවහල් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සංක්‍රමණ ප්‍රතිපත්තියෙන් ඉන්දියාවට කරන ලද මදි පුංචිකම නොතකා, මෝදි එක්සත් ජනපදයට පැමිණෙන්නේ ප්‍රංශයෙන් ලද උණුසුම් පිළිගැනීමත්, ඉන්දීය ජාතික බුද්ධිමතුන් ගණනාවකගේ ප්‍රභාවෙන් පරිපාලනය වෙන රටකට පැමිණිමේ අභිමානය ද කැටුවයි.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර මේ වනවිට පවතින වෙළෙඳ සබඳතා එක්සත් ජනපදයට අවාසිසහගත බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවත්, එම අවාසිය සමහන් කිරීම සඳහා ඉන්දියාව එක්සත් ජනපදය සඳහා ආරක්ෂක ඇනවුම් ලබාදිය යුතුව ඇති බව ට්‍රම්ප්ගේ මතය වන බවත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප් හදිසියේම මෝදි එක්සත් ජනපදයට කැඳවූ‌යේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් වුවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුවීම ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයේ නව පරිච්ඡේදයක් ලෙසයි අගමැති මෝදි සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57