‘මෝඛා’ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි – ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් (වීඩියෝ)

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මෝඛා’ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව එම සුළි කුණාටුව හෙට (14) දහවල් පමණ වනවිට ගිනිකොනදිග බංග්ලාදේශයට හා උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 05 – 20 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 83 – 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නිකරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

එමෙන්ම දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත්ය පිරිස් වගාම ගොඩබිම වෙත හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණෙන ලෙසට දන්වා සිටිනවා.

https://youtu.be/Cl2E9PjDySo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?