Empty Ad
AFC Banner
AFC Banner

මෛත්‍රී ගොනු කළ පෙත්සම උසාවිය සලකා බලයි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන් සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකළ රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැයි චෝදනා කොට සැකකරුවෙකු ලෙස නම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලට එරෙහිව ඔහු මෙම රිට් පෙත්සම යොමුකර තිබුණා.

සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත්ව සිටින එන්. ජේසුදාසන් නමැති පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලික පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පුද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සෝභිත රාජකරුණා මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකරන ලද පුද්ගලික පැමිණිල්ලකට අදාළව සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කළා.

නිසි සාක්ෂි ඇගයීමකින් තොරව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බව ද ජනාධිපති නීතිඥවරයා මෙහිදී චෝදනා කරනු ලැබුවා.

වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා දක්වා කල් තැබුණු අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දරුවගේ ජීවිතයට වග කියන්නේ කවුද ? මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද ?
05:59
Video thumbnail
රටේ දත්ත ඉන්දියාවට දෙන ආණ්ඩුවේ සැලසුමක් ගැන හෙළිදරව්වක්
13:51
Video thumbnail
උත්තර දෙන්න රාජ්‍ය නිලධාරිණිය නැගිට්ටේ නැති නිසා නියෝජ්‍ය ඇමතිට තදවෙයි
09:05
Video thumbnail
අසේල සම්පත්ට මරණ තර්ජන - මාධ්‍ය හමුවක් කැඳවා හෙළි කරයි
10:35
Video thumbnail
මාධ්‍යවේදියා අහපු ප්‍රශ්න හමුවේ පැන ගිය ආනයනකරුවෝ
06:20
Video thumbnail
2025 රටට ලැබෙන සහන මෙන්න - මාලිමා ප්‍රබලයා හෙළි කරයි
15:15
Video thumbnail
නියෝජ්‍ය ඇමති සුගත් ක්‍රීඩකයන්ට දීපු පණිවුඩය
04:49
Video thumbnail
සැප වාහනෙන් පාර්ලිමේන්තුව ළඟට ආපු සාදු රට හදන්න බලය ඉල්ලයි
05:14
Video thumbnail
කදිනල්ට රතු එළි දල්වන බලන්ගොඩ කස්සප හිමි
08:26
Video thumbnail
ෆිල්ම් එකක වගේ කුඩු ගහන්න සල්ලි හොයන කුඩු බණ්ඩා ගමක් හොල්ලයි
09:01

?