ඉන්දියාවෙන් රජයේ සේවකයින් 1500කට සති දෙකක පුහුණුවක් – ද්විත්ව බදු ක්‍රමයත් අහෝසියි (වීඩියෝ)

මෙරට රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් හට සති දෙකක පුහුණු කාලයක් ඉන්දියාවේ දී ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

මේ වනවිට (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන ‘ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය’ සම්බන්ධයෙන් සිදු කෙරුණු කරුණු පිළිබඳ ව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ඉදිරි වසර 05ක කාලයක් සඳහා එක් රාජ්‍ය නිලධාරියෙකුට ඉන්දීය රජය යටතේ පිරිනැමෙන සති දෙකක පුහුණු පාඨමාලාවක් සඳහා එක් වීමට හැකිවනු ඇති.

මේ සඳහා රාජ්‍ය නිලධාරීන් 1500 දෙනෙකු ඉලක්ක කරගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය රජය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකෙන් දෙවැනි ගිවිසුමට අනුව දෙරට අතර පවතින බදු ක්‍රමයන්වල දී ද්විත්ව බදු ලිහිල් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ද මෙම සංචාරයේ දී සිදු කෙරුණා.

විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ මෙම ගිවිසුම මගින් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන මෙරට ව්‍යාපාර සමාගම්වලටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉන්දීය ව්‍යාපාර සමාගම්වලටත් මින් ඉදිරියට ඔවුන්ගෙන් අය කරන ද්විත්ව බදු ක්‍රමය සිදු නොවන බවයි.

එය දෙපාර්ශ්වයට ම වාසිසහගත වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර මෙම සාකච්ඡාවේ දී උතුරේ හා දකුණු ඉන්දීය ධීවරයින් දිගු කාලයක සිට මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පාර්ශ්වයේ අවධානය යොමු කළ අතර එහිදී ඉන්දීය රජය එකඟ වූයේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවර කටයුතු අමාත්‍යාංශය සමග ද වට මේස සාකච්ඡා සයක් පැවැත්වීමට ද කටයුතු කළ බව ද කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම නිල සංචාරයේ දී අගමැති මෝදි, ජනාධිපතිනි මුර්දු, විදේශ අමාත්‍ය ජයිශංකර් මෙන් ම, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද මුණගැසී සාකච්ඡා පැවැත්වූ බවත් ශ්‍රී ලංකා රජය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48