මෛත්‍රී ගොනු කළ පෙත්සම උසාවිය සලකා බලයි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන් සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකළ රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැයි චෝදනා කොට සැකකරුවෙකු ලෙස නම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලට එරෙහිව ඔහු මෙම රිට් පෙත්සම යොමුකර තිබුණා.

සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත්ව සිටින එන්. ජේසුදාසන් නමැති පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලික පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පුද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සෝභිත රාජකරුණා මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකරන ලද පුද්ගලික පැමිණිල්ලකට අදාළව සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කළා.

නිසි සාක්ෂි ඇගයීමකින් තොරව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බව ද ජනාධිපති නීතිඥවරයා මෙහිදී චෝදනා කරනු ලැබුවා.

වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා දක්වා කල් තැබුණු අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46