මූල්‍ය වංචාවකට හිරේ හිටි මාලිමා මන්ත්‍රීට ඇප (වීඩියෝ)

මූල්‍ය වංචාවක් සිදු කළ බවට එල්ල වූ චෝදනාවලට මෙවර පළාත් සභා මැතිවරණයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

මෙම සැකකාර මන්ත්‍රීවරයා ව ඊයේ (20) දින සිට අද (21) දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළේ.

ඒ අනුව සැකකරුව අද අධිකරණයට යළි ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී මෙම ඇප හිමිවුණා.

සැකකාර මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 59ක මූල්‍ය චෝදනාවක් එල්ල වීම ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව වූ බවත් වාර්තා වනවා.

සැකකරුව බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසයෙනුයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?