AFC Banner
Empty Ad
Empty Ad

මුලින්ම අමෙරිකාවට, පස්සේ ඉන්දියාවට අනුර අද කැනඩාවට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) සවස කැනඩාව බලා පිටත්වීමට නියමිතය.

ඒ, කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජන හමු කිහිපයකට සහභාගි වීම සඳහාය.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද දෙවැන්න 24 වැනි ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේදී ද පැවැත්වෙයි.

මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකටද සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?